Details
🌳🌴🪵 බුලත් වගාවක් සහිත අක්කරයකට මදක් අඩු ඉඩමක් විකිණීමට තියෙනව හොරණ, මොරගහහේන, තල්ගහවිල හන්දිය අසන්නයේ
📌වර්ග අඩි 5000 පොලි ටනල් දෙකක් (මා විසින්ම නිර්මාණය කරපු) සහ වර්ග අඩි 5000 නෙට් හවුස් එකක් තියෙනව.
📌එක ටනල් එකක බුලත් දැන් කඩනව මේ දවස්වල පුවක් නැතිනිසා අඩුවට ගියත් රුපියල් 70,000/- විතර දැනට එනව ඒකෙන්. කොවුල් 420ක් හයි ඩෙන්සිටි විදිහට දාල තියෙන්නෙ. තාම අලුත් වගාව.
📌නෙට් හවුස් එකේ වැඩි පරතරය තියල කොවුල් 260 අලුතින්ම ස්තාපිත කරල තියෙන්නෙ ඒකත් කඩන්න ගන්න පුලුවන්.
📌අනිත් ටනල් එකේ මාලුමිරිස් දාල තියෙනව.
📌ඉඩම තැනිතලා හතරැස් හැඩයකින් යුක්තයි.
📌බඹ 5ක ලිඳ කපල මොටර් දාල තියෙනව.
සිංගල් පේස් කරන්ට් තියෙන්නෙ. ත්‍රී පේස් ලඟටම ඇවිල්ල තියෙනව.
📌තුන් පැත්තකින් රබර් වතු වලට වට වුන නිස්කලංක පැත්තක්.
📌ඵල දරන කොස් ගස් 10 (9ක්ම වරකා) පුවක් ගස් 120ක් එක්ක බටදොඹ, කලුවර, කලුමැදරිය, මහෝගනී, ගිනිකූරු, කිරිපලු, මාදං, කහට, මොර වගේ ගස් ගොඩක් තියෙනව.
📌කොන්ක්‍රීට් කනු වලින් වැට ගහල ගේට්ටු දාල තියෙනව.
📌වැරැන්ඩා එකක් එක්ක මුර කුටියක් සහ ගස් උඩ හදපු හොඳට ඉඩ තියෙන ලොකු කාමරයක් තියෙනව. හැබැයි අලුත්වැඩියාවක් අවශ්‍යයි.
📌අඩි 20 පිවිසුම් මාර්ගයක් තියෙන්නෙ ප්‍රධාන පාරෙ ඉඳන් කිලෝ මීටර 1.5 එන්න ඉඩමට.
මොරගහහේන නගරයට කි.මී. 3.5
📌පාදුක්ක, හෝමාගම, කොට්ටාව, පිලියන්දල, හොරණ සහ ඉංගිරිය නගර වලට ඉක්මනින් ලඟාවෙන්න පුලුවන් මැද තැනක තියෙන්නෙ
📌පර්චස් 136.5 සින්නක්කර ඔප්පු සහිත ඉඩම ඉහත කියපු දේ සමග ලක්ෂ 260කට විතර දෙන්න තමයි අදහස තිබුනෙ.
📌ආසාවෙන් හදපු ඉඩම උද්ගත වුන දැඩි මුදල් අවශ්‍යතාවයක් නිසා තමයි විකිණීමට අදහස් කලේ. වගාවට කැමති කෙනෙක්ට ඉතා හොඳ ආදායමක් ගන්න පුලුවන් තව අවුරුද්දකට අඩු කාලයකදි
විස්තර සඳහා - 0773 473 959 ☎️📞